27 C
Colombo
07/03/2026

අද සිට දින 10 රට වහයි

Share with your friends :

කෝවිඩ් -19 පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස අද සිට දින 10ක් රට වසා තැබිමට තීරණය කර ඇත.

මෙම මස 30 වැනි දා අලුයම 4.00 දක්වා රටවසා තබනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා ටිවිටර් පණිවිඩයක් මගින් දන්වා ඇත.

කෝවිඩ් මර්ධන කමිටුව අද සවස ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වූ අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.

මෙම කමිටු රැස්වීමට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන්ද මෙම කමිටුවට සහභාගී වී ඇත.

අත්‍යවශ්‍ය සේවා පැවැත්වාගෙන යාමට මෙමගින් කිසිදු බාධාවක් නැතැයි ද එම ටිවිටර් පණිවිඩයේ සඳහන් කර ඇත.

Share with your friends :