27 C
Colombo
08/03/2026

ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27කට කොරෝනා

Share with your friends :

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27 දෙනකුට කොරෝනා වෛරසය ආසාධිත ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියි.

එමෙන්ම හෙද කාර්ය මණ්ඩලයේ 105 ක් සහ සෙසු සේවකයන් 192ක්ද ආසාදිත ලෙස හඳුනාගෙන තිබේ.

කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් නිකුත් වූ වාර්තාවකට අනුව මෙම කරුණු හෙළි වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන් 600ට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝහලේ වාට්ටු 15ක් කොරෝනා රෝගීන් සඳහා වෙන්කර ඇත.

කොරෝනා ආසාදිතයන් 90 දෙනෙකු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Share with your friends :