27 C
Colombo
09/03/2026

එන්නතින් අලුත් ප්‍රභේද මට්ටු කරන්න බැරිලු

Share with your friends :

කොවිඩ් වයිරසය වෙනස් වීම් වලට ලක් වෙමින් පැමිණ යම් දිනක එන්නත් වලට ක්‍රියා නොකරන තත්වයක් ඇතිවීමේ සම්භාවිතාවක් ඇතැයි කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පැවසුවාය.

මේ වන විට පවතින කෝවිඩ් ප්‍රභේද වල ජාන විකෘති වීම් සමඟ කොරෝනා රෝග ලක්ෂණ වෙනස් විය හැකි බව ද මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම දකුණු අප්‍රිකානු කොරෝනා ප්‍රභේදය ව්‍යාප්තියේ වැඩිවීමක් ඉදිරියේ දී දැකගත හැකිවේ යැයි අනුමාන කරන බව ද ඇය කීවාය.

ඇල්ෆා ප්‍රභේදය සමග සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණය වැඩිපුර දක්නට නොලැබුණද මේ දිනවල වාර්තා වන කොවිඩ් ප්‍රභේදවල රෝග ලක්ෂණ ලෙස හෙම්බිරිස්සාව, කැස්ස, උගුර රිදීම, උණ සහ ගඳ සුවඳ නොදැනීම වැඩිපුර දක්නට ලැබෙන බවත් ඇය පැවසුවාය.

Share with your friends :