27 C
Colombo
10/03/2026

හම්බන්තොට ‘ෆයිසර්’ ගහන්නේ හමුදාව හා තරුණ සේවා සභාව පමණයි.. ප‍්‍රමුඛතතාවය කුමක්ද?

Share with your friends :

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 18 ට අඩු වයස් වල දරුවන් සඳහා නිර්දේශ කර ඇති ෆයිසර් එන්නත හම්බන්තොට දිස්ත්‍රික්ක ජනතාවට ලබා දෙන්නේ කාගේ වුවමනාවට දැයි වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය ප්‍රශ්න කරයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා පවසන්නේ උසස් පෙළ, සාමාන්‍ය පෙළ දරුවන් පසෙකලා හම්භන්තොට දිස්ත්‍රික්කයේ පිරිසකට එම එන්නත ලබා දෙන්න තීරණය කලේ අවශ්‍යතාවය මතදැයි පැහැදිලි කළ යුතු බවයි.

හම්බන්තොට සිටින්නේද මෙරට පුරවැසියන් නිසා අනෙක් පුරවැසියන් ඔවුන්ටද හිමි එන්නත ලබාදීමට ගැටලුවක් නොවන නමුත් තරුණ සේවා සභාව සහ යුද හමුදාව පමණක් දායක කරගනිමින් දිස්ත්‍රික්කයට පමණක් ෆයිසර් එන්නත ලබාදීමේ විද්‍යාත්මක හේතුව කුමක්දැයි සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කළ යුතු බවද ඔහු කියා සිටියේය.

Share with your friends :