27 C
Colombo
10/03/2026

60 ට වැඩි ලක්ෂ තුනකට තවම එන්නත් ලැබී නෑ

Share with your friends :

මෙරට වයස අවුරුදු 60 ට වැඩි ජනගහනයෙන් ලක්ෂ තුනකට තවමත් කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලැබී නැතැයි වාර්තා වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ වන විට කොවිඩ් වැළඳී මියයන අයගෙන් සියයට 75 ක්ම වයස අවුරුදු 60 ට වැඩි අය නිසා එම පිරිසට කඩිනමින් එන්නත් ලබාදීම වැදගත් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

මුලින් සැලසුම් කළ ආකාරයට 60 ට වැඩි ජනතාවට එන්නත් ලබාදුන්නේ නම් මරණවලින් සියයට 90 ක් අඩු කරගත හැකිව තිබූ බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

Share with your friends :