27 C
Colombo
24/04/2026

විසඳුම් වෙනුවට ගුරු – විදුහල්පතිවරුන් බය කරන්න උත්සාහ කරනවා

Share with your friends :

වැටුප් ගැටළුවට විසඳුම් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව පොලිසිය ලවා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බිය වැද්දීමට උත්සාහ ගනිමින් සිටින්නේ යැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරති.

මේ වන විට හොරණ මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් හොරණ, ඉංගිරිය, මාදුරාවල මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් උද්ඝෝෂණ හා පෙළපාලිවලට සම්බන්ධ වූ ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ තොරතුරු ඉල්ලා ඇති බවද කොළඹ දී අද(8) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිත ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

Share with your friends :