මහ බැංකුවේ අධිපති ධුරයට තමා නැවත යන බවට පැතිර යන ආරංචිය තමා ප්‍රතික්ෂේප කරන්නේ හෝ තහවුරු කරන්නේ හෝ නැතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මහ බැංකුවේ අධිපති ලෙස තමා වසර අටකට වැඩි කාලයක් සේවය කර ඇතත් කිසිම රජයකින් විශ්‍රාම වැටුප විදියට තමා සත පහක් ගෙන නැති බවද හෙතෙම සඳහන් කළේය.
අඩු තරමින් තීරු බදු රහිත වාහනයක් හෝ ලබා ගෙන නැතැයිද කබ්රාල් මහතා පැවසුවේය.
විශ්‍රාම වැටුප තමාට හිමිවිය යුතු වරප්‍රසාදයක් බව පැවසූ මුදල් රාජ්‍ය ඇමැති වරයා 2006 වර්ෂයේදී එවකට ජනාධිපති ලේකම්වරයා තමාට දුන් පත්වීම් ලිපියේ විශ්‍රාම වැටුපක් හිමි විය යුතු බව පැහැදිලිව සඳහන් කර තිබුණේ යැයිද කීවේය.
නමුත් මේ දක්වා තමාට විශ්‍රාම වැටුපක් නොලැබුණු බවද ඔහු පැවසුවේය. මේ අතර ඔහු මහ බැංකු අධිපති ධුරයට කැබිනට් ඇමති ධුරයක බලතල ඉල්ලා ඇති බවටද රාවයක් පැතිර යන අතර ඒ සම්බන්ධයෙන් කැබිනට් ඇමතිවරුන්ගේ විරෝධය පලවී ඇතැයි සඳහන්ය. කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු නොවන රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත්වන අයකුට කැබිනට් බලතල ලබා දීම විහිළුවක් බවට කැබිනට් ඇමතිවරු අතර සාකච්ඡා වී තිබේ. මේ අතර මේ ආකාරයටම අඩුම තරමින් මන්ත්‍රී ධුරයක් හෝ දැනට නොදරන මිලින්ද මොරගොඩ මහතාට කැබිනට් බලතල සහිත තානාපති ධුරයක් ලබා දීමද මේ වන විට ජාත්‍යන්තරයේ කතා බහට ලක්ව තිබේ.
මේ අතර කබ්එරාල්ක රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ එක කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ තමාට අද මඩ ගසන බවත් එවැනි මඩ අපහාස නින්දා මධ්‍යයේ තමාගේ ගමන වෙනස් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බවය.
කලක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ කබ්රාල් මහතා පසු කලෙක මහින්ද රාජපක්ෂ මහතා සමග එක්විය.
