27 C
Colombo
10/03/2026

කබ්රාල්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ? විශ්‍රාම වැටුපටත් දැඩි විරෝධයක්

Share with your friends :

මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීමට විරුද්ධව අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු සුදානම් වෙමින් පවතී.

හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කිරීමට සූදානම් වෙමින් සිටියි.

කබ්රාල් මහතා අද දිනයේ සිය මන්ත්‍රී ධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඉන්පසු මේ සතියේදිම මහ බැංකු අධිපතිවරයාට භාර ගැනීමට නියමිතව සිටි.
ඔහු විශ්‍රාම වැටුප අනුමත කරගත් අකාරය සම්බන්ධයෙන් දැඩි ජනතා අප්‍රසාදය පලවී තිබේ. වෘත්තීය සමිති පවා ඊට දැඩි විරෝධය පල කර තිබේ.
රට බරපතල ආර්ථික අර්බුදයක තිබියදී මේ ආකාරයෙන් කටයුතු කිරීම බොහෝදෙනාගේ පුදුමයට හේතුවී තිබේ.

Share with your friends :