27 C
Colombo
08/03/2026

කටුගස්තොට රෝහලේ වෛද්‍යවරයකු කොරෝනාවට බිලි

Share with your friends :

කටුගස්තොට රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි මිය ගියේය.

සයිඩ් රෆයිඩීන් නැමැති වෛද්‍යවරයා මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට පසුගිය 18 වැනි දින ඇතුළත් කර ඇත‍

මෙම වෛද්‍යවරයා දැඩි සත්කාර ඒකකයේ සති තුනක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දැරූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ අර්ජුණ තිලකරත්න මහතා පැවසිය.

මළ සිරුරු භූමදාන කටයුතු සඳහා ඔට්ටමාවඩි ජාතික කොවිඩ් භූමදාන මධ්‍යස්ථානයේදී භූමදානය කිරීමට නියමිතය.

Share with your friends :