27 C
Colombo
08/03/2026

බදියුදීන්ගේ බිරිදට -මාමණ්ඩියට ඇප

Share with your friends :

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගේ බිරිඳ සහ මාමණ්ඩිය එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

විමර්ශන නිලධාරීන්ට කිසිදු අයුරකින් බලපෑමක් එල්ල කළහොත් ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට දැඩි ඇප කොන්දේසි පනවමින් සැකකරුවන්ට ඇප නියම කළ අධිකරණය ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කළේය.

මෙලෙස ඇප මත මුදා හැරුණේ අංක 410/16, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයෙහි පදිංචි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ කිදර් මොහොමඩ් සියාබ්දීන් අයීෂා, ඇගේ පියා අලි ඉබ්‍රාහීම් සායිබු කිදර් මොහොමඩ් සිහාබ්දීන්, යන අයවලුන්ය.

මෙම සිද්ධියේ පස්වැනි සැකකරු වන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනගාර ගත කරන ලෙස ද මෙහිදී අධිකරණය නියෝග කළේය.

Share with your friends :