27 C
Colombo
08/03/2026

රට වසර දෙකකින් දියුණු කළ හැකි සූත්‍රයක් රනිල් හෙළි කරයි

Share with your friends :

දියුණු රටවල මෙන් ශක්තිමත් ⁣වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පත් කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එවැනි සැලැස්මක් අනුව කටයුතු කළහොත් වසර 20 ක් ඇතුළත ලංකාවේ ඒක පුද්ගල ආදායම හතර ගුණයකින් වැඩි කළ හැකි බව ද වික්‍රමසිංහ මහතා කීය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 115 ක් වන ජන්ම දින සැමරුම ද නිමිති කර ගනිමින් කරගනිමින් පවත්වන ලද එජාප ඔන්ලයින් සමුළුව මාලාවේ පළමු සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

Share with your friends :