27 C
Colombo
06/03/2026

ආණ්ඩුව ’’බාර්’’ඇරලා, පාර්ලිමේන්තුව වහනවා

Share with your friends :

රටේ ප්‍රශ්න එන්න එන්න ගොඩ ගැහෙද්දී ආණ්ඩුව පාර්ලිමේන්තුව වසා බාර් අරින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

“කථානායකතුමනි ,හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව පැවැත්වීම වැළැක්වීමට යෝජනාවක් ගෙනල්ලා තියනවා .ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ දින 25ක් පාර්ලිමේන්තු කටයුතු නැති වුණා.කොරෝනා අඩුවෙලා නම් පාර්ලිමේන්තුව කල් දාන්නෙ මොකද? යනුවෙන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූයේ පාර්ලිමේන්තුව දින දෙකකට සීමා කළේ පක්ෂ නායක රැස්වීමේදී පැමිණි එකඟතාවයකට අනුව බවයි.

Share with your friends :