27 C
Colombo
10/05/2026

රාජගිරියේ කුඩා නිවසකින් ආණ්ඩුවට ඩොලර් බිලියන දෙකහමාරක ණයක්

Share with your friends :

ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ විදේශ සංචිත ඩොලර් මිලියන 2581 බවත් නමුත් ණය ලෙස ඩොලර් මිලියන 7247 ගෙවීමට ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙම ණය ගෙවනීම සදහා Concept Globle ආයතනයකින් ඩොලර් බිලියන දෙක හමාරක ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් තීන්දුවක් ගෙන ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එතරම් විශාල ණය මුදලක් ලබා දෙන සමාගම රාජගිරිය පැත්තේ පිහිටි කුඩා නිවසක් බවත් තමන් එය බැලීමට ගිය බවත් පැවසූ මන්ත‍්‍රීවරයා එම නිවසේ හිමිකරුවා කිසිදු සමාගමක හිමිකරුවෙකු හෝ ප්‍රධානියකු නොවන බවත් පැවසීය.

නමුත් කැබිනට් මණ්ඩලය විසින් නම් එම පුද්ගලයා නමට අදාළ ණය මුදලින් 7%ක් එනම් ඩොලර් මිලියන 175ක කොමිස් මුදලක් අනුමත කර ඇති බවද සඳහන් කළේය.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කරන ලදී.

Share with your friends :