27 C
Colombo
08/03/2026

SPC සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිට යවයි

Share with your friends :

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.

නමුත් ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ඔහුගේ තනතුර සඳහා වෙනත් පුද්ගලයෙකු සොයා ගන්නා තෙක් මාසයක කාලයක් එම ධුරයේ රැඳී සිටින ලෙසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින රැස්වූ කොරෝනා මර්ධන කාර්ය සාධක බලකා රැස්වීමටද ඔහු සහභාගී වී සිටියේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ ඇති වූ මතභේදයක් මත මෙම ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වන බව වාර්තා වී තිබිණි.

Share with your friends :