27 C
Colombo
08/03/2026

රටපුරා නැවතත් ගෑස් හිඟයක්

Share with your friends :

ලාෆ් සහ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් වර්ග දෙකම වෙළෙඳපොල තුළ දැඩි හිඟයක් ඇති වී තිබේ.

ගෑස් වර්ග දෙකෙන් එකක්වත් මිලදී ගැනීමට නොහැකි වීමෙන් ගෑස් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.

‘ලාෆ්’ ගෑස් සමාගමේ සභාපති ඩව්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා පැවසුවේ ඩොලර් හිඟය හේතුවෙන් ලාෆ් ගෑස් හිඟයක් ඇති වී ඇති බවත් එසේ වුවද දෛනිකව ගෑස් ටොන් 300 ත් 400 ත් ප්‍රමාණයක් වෙළෙඳපොලට සපයන බවත්ය.

බැංකුවලින් ඩොලර් නොලැබීම නිසා ගෑස් ආනයනය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බව කී වෑගපිටිය මහතා ණයවර ලිපියක් විවෘත කිරීමට බැංකුවට වැදීමට සිදුවී ඇති බව ද සඳහන් කළේය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසුවේ එම සමාගම සාමාන්‍ය පරිදි ගෑස් සැපයුම පවත්වාගෙන යන බවත් ‘ලාෆ්’ ගෑස් හිඟයත් සමඟ ලිට්‍රෝ ගෑස් ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.

Share with your friends :