27 C
Colombo
08/03/2026

බස් ගාස්තු වැඩිකරන බව බස් හිමියෝ කියති

Share with your friends :

ජනවාරි මාසයේ සිට බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ දී පැවසීය.

ඒ අනුව රුපියල් දාහතරක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් විස්ස දක්වාත් සෙසු බස් ගාස්තු 15 දක්වාත් සංශෝධනය කළ යුතු බව විජේරත්න මහතා සඳහන් කළේය.

ඉන්ධන මිල ඉහළ යාම, බස් රථ අමතර කොටස් වල මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් බස් ගාස්තු සංශෝධනය සිදුකරන බවත් කොළඹදී අද(02)පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය.

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට සහ ප්‍රවාහන අමාත්‍යාංශයට මේ සතිය තුල දැනුම් දෙන බවත් විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය

Share with your friends :