27 C
Colombo
07/03/2026

ඉන්දියාවෙන් හදිසි ආධාර පැකේජයක්

Share with your friends :

මේවන විට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය ලබාදීමට ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව ඉන්දියාවේ ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් පත වාර්තා කර සිටී.

ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතභාවය සහ විනිමය හුවමාරු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි මෙම ආධාර පැකේජය සකස් කෙරෙන බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

නොබෝදා දියත් වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයෙන් පසුව මෙම පියවර ගෙන ඇති බව ඉකොනොමික්ස් ටයිම්ස් වැඩිදුරටත් වාර්තා කර සිටී.

Share with your friends :