27 C
Colombo
06/03/2026

අයිස්වර්යාගෙන් පැය 5 ක් ප්‍රශ්න කරලා

Share with your friends :

‘පැනමා පත්‍රිකා’ හරහා අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන්, සුපිරි ඉන්දීය බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි භච්චන් කැඳවා පැය පහක් තිස්සේ ප්‍රශ්න කිරීමට ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකය කටයුතු කර තිබේ.

පැනමා පත්‍රිකාවල සඳහන් වී ඇත්තේ අයිශ්වර්යා රායි භච්චන් ඇගේ විදෙස් මුදල් බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ් දූපතේ බැංකු ගිණුමක තැන්පත් කර ඇති බවටය.

විදේශ විනිමය පිළිබඳ නීති උල්ලංඝනය කර ඇතැයි චෝදනා එල්ල වී ඇති බැවින් අයිශ්වර්යා රායි භච්චන් ගෙන්වා ප්‍රශ්න කිරීමට සිදුවුණු බව ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණි.

එම ප්‍රශ්න කිරීම්වලදී, පසුගිය වසර 15 තුළදී තමාට වෙනත් රටවල් ඔස්සේ ලැබුණු ගෙවීම් පිළිබඳව තොරතුරු අයිශ්වර්යා රායි භච්චන්, ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන්ට අනාවරණය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Share with your friends :