27 C
Colombo
25/04/2026

ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශය තුළ දැඩි සීමාවන්

Share with your friends :

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශය තුළ දැඩි සීමාවන් ප්‍රකාශයට පත්කර තිබේ.

ජනවාරි මස 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමාවන් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව දුරස්ථව වැඩ කිරීම අනිවාර්යය කර ඇති අතර මහජන රැස්වීම් සඳහා ද සීමාවන් පැනවීමට පියවර ගෙන තිබේ.

පසුගිය සෙනසුරාදා දිනයේ ප්‍රංශ‍යේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගිය අතර එය එරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව විය.

කෙසේ වෙතත් රට තුළ ඇදිරිනීතිය පැනවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

Share with your friends :