27 C
Colombo
08/03/2026

ආර්ථිකයක් වහගෙන රටක් ඉදිරියට ගෙනයාම අසාර්ථකයි

Share with your friends :

නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පවා රටින් ගෙන ඒම වළක්වා ආර්ථිකයක් වහගෙන රටක් ගෙන යාමට උත්සාහ කිරීම අසාර්ථක වෑයමක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම තීරණ නිසා වන්නේ ආර්ථිකය තවත් කඩා වැටීම බව කී වික්‍රමසිංහ මහතා තමා බලයේ සිටියා නම් ඉන්දියාව,චීනය, ජපානය, ඇමෙරිකාව, යුරෝපය එකවර තරහ කරගන්නේ නැතැයි ද කීය.

රට වර්තමානයේ මුහුණ දී සිටින අර්බුද පිළිබඳව බොහෝ දේශපාලන පක්ෂ කතාකළත් රට ගොඩනැගීමට මගක් පිළිබඳව කතා කරන්නේ නැතැයි සමාජ මාධ්‍ය සමඟ පැවති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසූ අතර ඊට පිළිතුරු දෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි රට ගොඩනැගීම සඳහා පළමුවෙන්ම කළ යුත්තේ ආර්ථික ප්‍රශ්නය විසඳා ගැනීම බවයි.

Share with your friends :