27 C
Colombo
09/03/2026

අනුරට මැර ප්‍රහාරයක්

Share with your friends :

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීම සඳහා කලගෙඩිහේන ග්ලාස් ගොව් සමුළු ශාලාවට පැමිණෙමින් සිටි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට බිත්තර හා ගල් ප්‍රහාරයක් එල්ල කළ බව කියන මැර කණ්ඩායමකට අයත් පුද්ගලයන් දෙදෙනකු එහි සිටි පිරිසක් විසින් අල්ලා බාර දුන් බව නිට්ටඹුව පොලීසිය පැවසීය.

එම අවස්ථාවේ පැන ගිය බව කියන අනෙක් මැර පිරිසද අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන බවද කීය.

මෙම ගල් ප්‍රහාරයෙන් සමුළුවට සහභාගි වීම සඳහා පැමිණ සිටි අයකුද තුවාල ලබා රෝහල් ගත කළ බවද එම පිරිස පැවසූහ.‍

Share with your friends :