27 C
Colombo
09/03/2026

මහ බැංකුව රන් සංචිතයෙන් කොටසක් විකුණයි

Share with your friends :

ශ්‍රී ලංකා මහ බැංකුව සිය රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණා ඇතැයි නිල දත්ත වාර්තා සඳහන් කරයි.

ජනවාරි මාසයේ දී මෙලෙසෙ රන් සංචිතයෙන් කොටසක් විකුණා ඇති අතර ඉකුත් දෙසැම්බර් මාසයේ පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක රන් සංචිතය ජනවාරි මාසය අවසන් වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක් දක්වා අඩු වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් දෙසැම්බර් මාසයේදී ද සිය රන් සංචිතයෙන් කොටස් විකුණා දැමූ අතර ඉකුත් වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව සුතව ටොන් 3.1 ක රන් සංචිතයක් තිබුණු බවට ඇස්තමේන්තු කර ඇත.

ජනවාරි මාසයේ රන් සංචිතය විකුණා දැමීමත් සමඟ මේ වනවිට ශ්‍රී ලංකාව සතු රන් සංචිතය ටොන් 1.6ක් දක්වා අඩු ව ඇත.

Share with your friends :