27 C
Colombo
10/03/2026

පසුපෙළ මන්ත්‍රිවරු ගොවීන් වෙනුවෙන් කතා කරති

Share with your friends :

ලබන යල කන්නයේ සිට සියලු ගොවීන්ට සූරියා පොහොර නොමිලයේ ලබා දෙන ලෙසට පසුපෙළ මන්ත්‍රි පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

පළාත් පාලන තරුණ මන්ත්‍රී සංසදයේ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ පැවැති අවස්ථාවකදි මෙම ඉල්ලීම කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී.දොළවත්ත, රාජ්‍ය අමාත්‍ය පී.වී චානක හා දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරු මෙම ඉල්ලිම කර ඇත.

පොහොට්ටුව සමග එක්ව සිටි ගොවි ජනතාව දැන් කළ කිරීමට පත්වී සිටින බව මෙහිදී අදාළ මන්ත්‍රිවරු පෙන්වා දී ඇත.

මෙහිදි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ගොවි ජනතාවට ලබා දුන් දේ යළි ලබාදිය යුතු බවයි.

ලබන යල කන්නයේ සිට ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර ලබා දෙන බව ද කියා ඇත.

Share with your friends :