27 C
Colombo
13/05/2026

දැඩි ගෑස් හිඟයක් ඇතිවීමේ අවදානමක්

Share with your friends :

ගෑස් ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීම නිසා ලබන සතිය වන විට රට පුරාම දැඩි ගෑස් හිඟයක් ඇති වීමේ අවදානමක් ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා පැවසීය.

ලාෆ් සමාගම සාමාන්‍යයෙන් දිනකට ගෑස් සිලින්ඩර 40,000 ක් පමණ වෙළෙඳපොලට සැපයුව ද ඊයේ වන විට එම සංඛ්‍යාව 2000 ක් දක්වා අඩුවී ඇති බවත් ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගෑස් ආනයනය කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව ද සඳහන් කළේය.

මෙම තත්වය හේතුවෙන් ඉදිරියේදී ගෑස් හිඟයක් සහ ගෑස් ප්‍රතිඅපනයන රටට ලැබෙන විදේශ විනියම ද අහිමිවන බව කී වෑගපිටිය මහතා මෙම තත්වය සම්බන්ධයෙන් මීට පෙර මුදල් අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කළ බව ද සඳහන් කළේය.

ගෑස් ආනයනයට සාමාන්‍ය කාලයකදී සිය සමාගමට මසකට ඩොලර් මිලියන 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බවත් ලෝක වෙළෙඳපොලේ ගෑස් මෙටි්‍රක්ටොන් එකක මිල ඩොලර් 135 කින් අනිපේක්‍ෂිත ලෙස ඉහළ යෑම නිසා තත්වය තවත් බරපතල වී ඇති බවත් වැඩි දුරටත් කීය.

Share with your friends :