27 C
Colombo
13/05/2026

රුසියාවත් යුක්රේනයත් අතර දෙවැනි වටයේ සාම කතා අවසන්

Share with your friends :

රුසියාවත් යුක්රේනයත් අතර දෙවැනි වටයේ සාම කතා බෙලරූස් රාජ්‍යයේ බ්‍රෙස්ට් පළාතේ පැවැත්විණි.

එහිදී යුක්රේන රජය අපේක්ෂා කළ කිසිදු යෝජනාවකට රුසියාව එකඟ නොවුණු නමුත්, ගැටුම් හේතුවෙන් පීඩාවට පත් වුණු යුක්රේන සිවිල් වැසියන් ආරක්ෂිතව එම නගරවලින් ඉවත් කිරීමටත්, ඔවුන්ට මානුෂීය ආධාර ලබා දීමටත් ඉඩ සලසා දෙන බවට රුසියන් රජයේ නියෝජිතයන් කැමැත්ත පළ කළහ.

දෙවැනි වටයේ සාම කතා අවසන් වූයේ තෙවැනි වටයේ සාම කතා සඳහා මඟ සකස් කරමින් යැයි යුක්රේන රජයේ නියෝජිතයෝ පසුව මාධ්‍ය හමුවේ පැවැසූහ.

Share with your friends :