27 C
Colombo
10/03/2026

වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්න

Share with your friends :

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බවත් වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

දිනපතා සිදු වන විදුලිය විසන්ධි කිරීමත් සමග රට තුළ ඇතිවී තිබෙන ආහාර හා ඉන්ධන හිඟය හේතුවෙන් තත්ත්වය නරක අතට හැරී ඇති බවත්,ශ්‍රී ලාංකිකයන් සිදුකරන උද්ඝෝෂණ වලට හේතුව මෙය බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකා ලිස් ත්‍රොසෙල් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සහ වත්මන් අර්බුදය මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා බලධාරීන් ගෙන ඇති අනිකුත් ක්‍රියාමාර්ග මහා ජනතාව ඔවුන්ගේ කලකිරීම සාමකාමී උද්ඝෝෂණයක නිරත වීම තුලින් ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීමට හා අධෛර්යමත් කිරීමට ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මහ ජනතාව තැනින් තැන උද්ඝෝෂණය කිරීමට පෙළඹුණු අතර එම උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා හදිසි නීතිය ප්‍රකාශ කළ අතර පසුව එය ඉවත් කළේය.

Share with your friends :