27 C
Colombo
10/03/2026

මහින්ද ඉවත්කර නව අගමැතිවරයකු පත්කරන්න

Share with your friends :

රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ,අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර, නව අගමැතිවරයකු යටතේ කැබිනට් මණ්ඩලයක් පත්කරන්නැයි හවුල්කාර පක්ෂ 11 සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

රටේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා වන යෝජනාවලියක්ද ජනාධිපතිවරයාට යැවූ ලිපිය මගින් ඉදිරිපත් කර තිබේ.

ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ ඉඳගත් මන්ත්‍රීවරුන් 42 දෙනා වෙනුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ,හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා සහ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත පෙරේදා (08)පස්වරුවේ යවා ඇත.

අර්බුදයට විසඳුම් සෙවීමට සියලු පක්ෂ වලින් සැදුම්ලත් ජාතික විධායක සභාවක් පත් කරන ලෙසත්, පාර්ලිමේන්තුවේ එකඟතාව මත නව අගමැතිවරයකු හා සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙසත් ,එමගින් යෝජනා කර ඇත.

එම අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය එක්ව කටයුතු කර ,සීමිත කාලයක් තුළ මැතිවරණයකට යායුතු බව ද යෝජනාවලිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත්කර, අමාත්‍යංශ ගණන තීරණය කරන ලෙසත්,ඊට ගැළපෙන ලෙස සියලු පක්ෂ වලින් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන්න ලෙසත් එම ලිපිය මගින් යෝජනා කර ඇත.

මීට අමතරව,අර්බුදය විසඳීම සඳහා කෙටිකාලීන හා මැද කාලීන වැඩ පිළිවෙළක් ද එම ලිපිය මගින් යෝජනා කර ඇත.

Share with your friends :