27 C
Colombo
10/03/2026

සජබ මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාවට අත්සන් තබති

Share with your friends :

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද(10)කොළඹට පැමිණ විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් තැබූ බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය
.ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය සහ රජයට විරුද්ධ විශ්වාසභංග යෝජනාව මේ වනවිට සකස් කර අවසන් බව ද මහලේකම්වරයා පැවසීය.

සමගි ජන බලවේගය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹට කැඳවා මේ පිළිබඳ ඉදිරි කටයුතු සාකච්ඡා කළ බවත් ඔහු කීවේය.

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේ දී රට තුළ පවතින විරෝධතා රැල්ල පිළිබඳවද සාකච්ඡා කරනු ලැබීය.

Share with your friends :