27 C
Colombo
11/03/2026

ඉන්ධන ලබාදීමත් සීමා කරයි

Share with your friends :

ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේදී ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද සීමා කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මේ අනුව මෝටර් සයිකලයක් සඳහා එක වරකදී උපරිම වශයෙන් ලබාදීමට තීරණය කර ඇත්තේ රුපියල් දහසක ඉන්ධන පමණි .

ත්‍රීරෝද රථයක් සඳහා රුපියල් 1500ක ඉන්ධන ලබා ගත හැකි වන අතර මෝටර් රථ, වෑන් සහ ජීප් රථ සඳහා රුපියල් 5000 ක ඉන්ධන එක් වරකදී ලබා ගත හැකිවේ.

එහෙත් බස්රථ ලොරි රථ සහ වෙනත් වෙළෙඳ වාහන සඳහා මෙම සීමාව බල නොපැවැත්වෙනු ඇත.

Share with your friends :