27 C
Colombo
10/03/2026

නව ඇමැතිවරු දිවුරුම් දෙති

Share with your friends :

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී සිදු විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ කැබිනට් මණ්ඩලය පූර්ණ වශයෙන් සංශෝධනය වන තුන්වන අවස්ථාව මෙය වෙයි.

නව අමාත්‍ය මණ්ඩලයට හිටපු කැබිනට් ඇමැතිවරුන් අට දෙනකු පමණ පත් කිරීමට නියමිත අතර ඉතිරි පිරිස තරුණ මන්ත්‍රීවරුන්ගෙන් පත් කෙරෙනු ඇත.

දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ද, ඩග්ලස් දේවානන්ද ධීවර අමත්‍ය ලෙසද, වෛද්‍ය රමේෂ් පතිරණ අධ්‍යාපන වැවිලි කර්මාන්ත අමාත්‍ය ලෙසද, ප්‍රසන්න රණතුංග මහජන ආරක්ෂ, සංචාරක අමාත්‍ය ලෙසද, දිලුම් අමුණුගම ප්‍රවාහන,කර්මාන්ත අමාත්‍ය ලෙස ද, කනක හේරත් මහා මාර්ග අමාත්‍ය ලෙසද, විදුර වික්‍රමනායක කම්කරු අමාත්‍ය ලෙස ද, ජානක වක්කුඹුර කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ලෙසද, ශෙහාන් සේමසිංහ වෙළෙඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ලෙස ද,මොහාන් ප්‍රියදර්ශන ජල සම්පාදන අමාත්‍ය ලෙස ද,විමලවීර දිසානායක වනජීව හා වන සම්පත් සංරක්ෂණ ඇමැති ලෙස ද, කංචන විජේසේකර බලශක්ති හා විදුලිබල අමාත්‍ය ලෙස ද,තේනුක විදානගමගේ මහතා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ලෙස ද, නාලක ගොඩහේවා ජනමාධ්‍ය අමාත්‍ය ලෙස ද, මහාචාර්ය චන්න ජයසුමන සෞඛ්‍ය අමාත්‍ය ලෙස ද, නසීර් අහමඩ් පරිසර අමාත්‍ය ලෙස ද, ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය ලෙ ද දිවුරුම් දුන්හ.

Share with your friends :