27 C
Colombo
11/03/2026

ඉන්ධන මිල වැඩි වුණත් මන්ත්‍රී තෙල් දීමනාව පරණ ගාණටම

Share with your friends :

ඉන්ධන මිල වැඩි වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ඊට සමගාමීව වැඩි නොකිරීමට රජය තීරණය කර ඇත.

මේ තීරණය ගෙන ඇත්තේ රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙනය.

පවතින ඉන්ධන මිල හා ගලපා ඉන්ධන දීමනාව ලබාදීම මෙතෙක් සිදු කෙරිණ.

ඉන්ධන මිල කිහිප වතාවක් වැඩි වුවත් ඒ මිල අනුව ඉන්ධන දීමනාව වැඩි නොකර පෙර ඉන්ධන මිලටම( පෙබරවාරි මාසයේ) දීමනාව ලබාදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

Share with your friends :