27 C
Colombo
07/03/2026

අලුතෙන් විදුලි සැපයුම් ලබාදීම නතර වෙයි

Share with your friends :

නව විදුලි සැපයුම් ලබාදීම සඳහා අවශ්‍ය මීටර ඇතුළු උපකරණ රැසක් ලංකා විදුලිබල මණ්ඩලය සතුව නොමැති වීම නිසා නව සැපයුම් ලබාදීම සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

පාරිභෝගිකයන් විදුලිබල මණ්ඩලයට නව සැපයුම් සඳහා මුදල් ගෙවා මාස කීපයක් ගතවී තිබුණ ද සැපයුම ලැබී නොමැති බවත් මෙම තත්වයෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ජනතාව පවසයි.

විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකුගෙන් මේ පිළිබඳ කළ විමසුමකදී පැවසුවේ නව විදුලි සැපයුම් ලබාදීම සඳහා අවශ්‍ය භාණ්ඩ නොමැති වීමෙන් නව සැපයුම් නතර වී ඇති බවත් භාණ්ඩ ලැබුණු පසු නැවත ආරම්භ කරන බවයි.

Share with your friends :