27 C
Colombo
15/05/2026

ආගමන විගමන ලොක්කෝ වී.අයි.පී. වැඩවලින් ඉවත් වෙති

Share with your friends :

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු ගුවන්තොටුපළවල ශ්‍රී ලාංකික ප්‍රභූන් සඳහා ප්‍රභූ පර්යන්තයන්හි ආගමන හා විගමන රාජකාරි කටයුතු (වී.අයි.පී) සහ විශේෂ සත්කාර මගින් සඳහා වන සේද මාවත (සී.අයි.පී) මගී නිෂ්කාශන කටයුතු හෙට (6) සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

රටේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්වය විසදීම සඳහා පාලකයන් ජාතික වැඩපිළිවෙළක් සකස් කර නිශ්චිත විසදුමක් ලබාදෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පවත්වාගෙන යන බව ද ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය කියයි.

ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ. ඒ. ඒ. එස්. කණුගල මහතාගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය එසේ පවසයි.

Share with your friends :