27 C
Colombo
10/03/2026

ගෝඨා – රනිල් හමුවක්

Share with your friends :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද රාත්‍රියේ පැවැත්විණි.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැති මෙම හමුවට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආරාධනයකට අනුවය.

ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාව පැය තුනකට ආසන්න කාලයක් පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත්තේ ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා පමණි.රටේ අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බවට තොරතුරු වාර්තා වේ.

Share with your friends :