27 C
Colombo
10/03/2026

නව අගමැතිට සහාය දෙන බව ඇමරිකාව කියයි

Share with your friends :

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරියේදී වැඩ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නීය.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ

“රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම සහ ඉක්මනින් නව රජයක් පත් කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාගැනීමටත් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමටත් පළමු පියවර වේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාර්ථක ප්‍රගතියක් ලබාගැනීමට සහ ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලීමට දීර්ඝකාලීන විසඳුමක් ලබාදීමට රජය දිරිමත් කරමු.“

Share with your friends :