27 C
Colombo
07/03/2026

අගමැති හෙට ජාතිය අමතයි

Share with your friends :

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) ජාතිය ඇමතීමට නියමිතය.

නිදහස් ශ්‍රී ලංකාවේ 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතන ප්‍රථම අවස්ථාව මෙයයි.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ සත්‍ය ස්වරූපය මෙන්ම අර්බුදය විසඳා ගෙන නැවත ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නගන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු හෙළි කරනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Share with your friends :