27 C
Colombo
08/03/2026

කළහකාරි සිද්ධීන්වලට 664ක් අත්අඩංගුවට

Share with your friends :

අරලියහග මන්දිරය හා ගාලුමුවදොර අරගල කරුවන්ට පහර දීම සහ එම සිද්ධියෙන් පසු දිවයින පුරා සිදු වු ප්‍රචණ්ඩක්‍රියා වලට සම්බන්ධ සැකකරුවන් 664 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

පොලිස් ස්ථාන වලට ලැබුණු පැමිණිලි 791 ට අදාලව මෙම පිරිස අත්අඩංගුවට ගත් බවද හෙතෙම කීය.

මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් 272 ක් රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

ගත වු පැය 24 තුළ සැකකරුවන් 258 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉන් 43 දෙනෙකු රිමාන්ඩ් බාරයට පත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිම පැමිණිල ලැබී ඇත්තේ බස්නාහිර පළාතේන් (444) බවත් දකුණු පළාතෙන් පැමිණිලි 118 ක් ලැබුණු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

Share with your friends :