27 C
Colombo
11/03/2026

ඉන්දීය මානුෂික ආධාර අඩු ආදායම් ලාභීන්ට

Share with your friends :

ඉන්දියාවෙන් ප්‍රදානය කළ සහල් සහ කිරිපිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අඩු ආදායම් ලාභී පවුල්වලට බෙදාදීම ලබන සඳුදා (30 වැනිදා) ආරම්භ වන බව ආහාර කොමසාරිස් කාර්යාලය පැවසීය.

මෙහිදී පවුලකට සහල් කිලෝ 10 බැගින් ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා වන සැලසුම් ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන් සමඟ එක්ව මේ වන විට සකස් කරමින් සිටින බවත් ආහාර කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙක් කීය.

ආහාර කොමසාරිස් ජේ. ක්‍රිෂ්ණමූර්ති මහත්මියගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්‍ෂණයෙන් ප්‍රාදේශීය ලේකම්වරු මෙම සහනාධාර බෙදාහැරීම ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී සිටින ආර්ථික හමුවේ දුෂ්කරතාවට පත්ව සිටින ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දියාවෙන් රුපියල් කෝටි 200 ක් පමණ වටිනා අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා පසුගියදා භාරදුන්නේය.

එම භාණ්ඩ තොගයට කිරිපිටි මෙටි්‍රක්ටොන් 50 ක්, සහල් මෙටි්‍රක්ටොන් 9,000 ක් සහ ජීවිතාරක්ෂක ඖෂධ මෙටි්‍රක්ටොන් 25 ක් ඇතුළත් වූ අතර තාමිල්නාඩු මහ ඇමති එම්. කේ. ස්ටාලින් මහතාගේ මැදිහත්වීමෙන් මෙම භාණ්ඩ තොගය යොමුකර තිබුණි.

Share with your friends :