27 C
Colombo
15/05/2026

“අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ධුරයෙන් යන්න බැහැ’’

Share with your friends :

තමාගේ ධුර කාලයේ ඉතිරි වසර දෙක අවසන් කරන බවත් නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.

‌ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන ‘බ්ලූම්බර්ග්’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

මාස ගණනක් මුළුල්ලේ විරෝධතා පැවැතිය ද ජනාධිපති ධුරයෙන් ඉවත් නොවන බවත් තමාගේ ධුර කාලයේ ඉදිරි වසර දෙක අවසන් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කර ඇත.

කෙසේ නමුත් නැවත වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව පවසා ඇති ජනාධිපතිවරයා තමන් මේ මොහොතේ අවධානය යොමු කර ඇත්තේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිළිබඳව බවත් පවසා ඇත.

“අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස මට ධුරයෙන් ඉවත්ව යන්න බැහැ. මට අවුරුදු පහකට ජනවරමක් දුන්නා” ජනාධිපතිවරයා තවදුරටත් පවසා ඇත.

Share with your friends :