27 C
Colombo
08/03/2026

යහපාලන අගමැති පොහොට්ටුවේ පිළිගැනීමට ලක්වීම සතුටුයි

Share with your friends :

යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා අද පොහොට්ටුව විසින් පිළිගෙන තිබීම ගැන තමා සතුටට පත්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය.

පොහොට්ටුවෙි අය අවුරුදු හතරහමාරක් එතුමාට බැන වැදුන බව කී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා යහපාලන ආණ්ඩුවේ ක්‍රියාදාමය නිවැරදි බව අද ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය.

අගමැතිගේ කතාවේ වියදම් ලැයිස්තුවක් කිව්ව නමුත් ඩොලර් ලැබෙන්නේ කොහොමදැයි නොකී බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රුපියල් අච්චු ගහන්න පුලුවන් වුණාට ඩොලර් අච්චු ගහන්න නොහැකි යැයිද අගමැති කතාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කිසිවක් ඉදිරිපත් කළේ නැතැයි ද පැවසීය.

ඇමතිවරු ප්‍රශ්න කියන නමුත් උත්තර ඉදිරිපත් කරන්නේ නැතැයි ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

Share with your friends :