27 C
Colombo
07/03/2026

සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

Share with your friends :

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.

ඔහු මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම ආඥාව පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය.

Share with your friends :