27 C
Colombo
10/03/2026

අලුත් ඡන්ද ක්‍රමයක් හදන සභා වාර්තාව ලබන සතියේ මැතිසබයට

Share with your friends :

අලුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසූවේ එම විශේෂ කාරක සභාව ඊයේ (15) රැස්වීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

කමිටුවේ අවසන් වාර්තාව මේ වනවිට පිළියෙලවී අවසන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීම සහ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා මෙම විශේෂ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත්කරනු ලැබුවේ මීට මාස ගණනාවකට ඉහතදීය.

මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද දිනේෂ් ගුණවර්ධන මහතාය.

මෙම කමිටුව දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඇතුළු අංශ ගණනාවක නියෝජිතයන්ගෙන් සහ මහජනතාවගෙන් මේ සම්බන්ධයෙන් දැනටමත් කරුණු විමසා තොරතුරු ලබාගෙන ඇත.

Share with your friends :