27 C
Colombo
10/03/2026

ජනපති – අගමැති යා යුතුයි

Share with your friends :

ජනාධිපති සහ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසන ලෙස බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව‍ෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් අද සම්මත විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී රුවන් පී පෙරේරා මහතා විශේෂ යෝජනාවක් ලෙස මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ ලිඛිත යෝජනාව සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා වෙත බාරදීම භාර දුන්නේය.

විපක්ෂනායක මහේෂ් කොතලාවල මහතා පමණක් යෝජනාවට විරුද්ධ ව අදහස් දැක්වූ අතර සෙසු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු,මන්ත්‍රීවරියන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් එම යෝජනාවට පක්ෂව අදහස් දක්වමින් සහයෝගය දැක්වූහ.

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව පොදුජන එක්සත් පෙරමුණ සභාපති ඇතුළු ආසන 18ක් ද,එක්සත් ජාතික පක්ෂයට ආසන 11ක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 3ක්ද ජනතා විමුක්ති පෙරමුණට ආසන 2ක් ද හිමිව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් හත් දෙනකු සභාවට පැමිණ සිටි අතර එක්සත් ජාතික පක්ෂයේ ගාමිණී සරච්චන්ද්‍ර,අකිල පිරිස් ,දයානන්දනි පෙරේරා මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීනිය සභාව වෙත පැමිණ සිටියේ නැත.

යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දර්ශන පීරිස් මහතා සභා ගැබෙන් ඉවත්ව ගියේය.

Share with your friends :