27 C
Colombo
10/03/2026

පෙට්‍රල් නැව දින නියමයක් නැතුව ප්‍රමාද වෙයි

Share with your friends :

ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාව තව දුරටත් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (24) පස්වරුවේ පැවසීය.

එම නෞකාව අද පැමිණෙන බව සැපයුම්කරු ඛනිජ තෙල් සංස්ථාව දැනුවත් කර තිබූ බවත් එය තව දුරටත් ප්‍රමාද වන බවට ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා කීය.

එම නෞකාව ශ්‍රී ලංකාවට ළගාවන දිනය පසුව දැනුම් දෙන බව කී අමාත්‍යවරයා නෞකාවේ ප්‍රමාදය සහ අද පැමිණෙන බවට කළ ප්‍රකාශ පිළිබඳව කණගාටුව පළකරන බව ද සඳහන් කළේය.

Share with your friends :