27 C
Colombo
07/03/2026

ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 20 ක්

Share with your friends :

ජී7 සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 20 ක මුදලක් අමතර සහායක් ලෙස ලබා දෙන බව අද (28) නිවේදනය කළේය.

එම මුදල ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා යොදා ගනු ඇතැයි පැවැසෙයි. මෙම මූල්‍ය සහාය පාසැල් ළමයින් ලක්ෂ 8 කට පාසැල් පෝෂණ වැඩසටහන යටතේ ආහාර සැපයීමටත් ගැබිණි මව්වරුන් 27,000 කට ඉදිරි මාස 15 සඳහා ආහාර වවුචර් පත් ලබා දීමටත් ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ගොවියන් 30,000 කට කෘෂි කාර්මික සහ මූල්‍ය සහාය ලබා දීමටත් යොදා ගැනෙනු ඇතැයි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය.

Share with your friends :