27 C
Colombo
07/03/2026

බන්දුල දුම්රිය ගාස්තුවත් වැඩිකර දෙයි

Share with your friends :

දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව වසර පහකට අධික කාලයක් තුළ සංශෝධනය කර නොමැති මගී ප්‍රවාහන ගාස්තු සහ වසර 14ක කාලයක් තිස්සේ සංශෝධනය කර නොමැති බඩු ප්‍රවාහන, තැපැල් ප්‍රවාහන හා වෙනත් භාණ්ඩ සඳහා අය කරන දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇත.

රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහනදායී ගාස්තු ක්‍රමවේදයක් අනුගමනය කළත් මෑතකාලීනව ඉන්ධන මිලෙහි සිදුවූ සීඝ්‍ර ඉහළයාම මත දෙපාර්තමේන්තුවට සිදුවන පාඩුව වළක්වා ගැනීම සඳහා මෙම තීරණය ගැනීමට සිදුවන බව ඇමතිවරයා ඉදිරිපත් කර ඇති යෝජනාවෙහි දැක්වේ.

Share with your friends :