27 C
Colombo
11/03/2026

ජීවන වියදම් අනුකාරක සභාව යළි පිහිටුවයි

Share with your friends :

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළිත් ස්ථාපිත කිරීමට ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

ජීවන වියදම් ස්ථාවරව පවත්වා ගෙන යෑම සඳහා මෙම පියවර ගෙන ඇති අතර ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් හා කමිටු සාමාජිකයින් හත්දෙනෙකුගේ යුතුව එය ස්ථාපිත කිරීමට නියමිතය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු යන මහත්වරු මෙහි සෙසු සාමාජිකයෝ වෙති.

මේ අතර ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ කටයුතු සඳහා සහය වීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් සහ අදාළ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුව පත්කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Share with your friends :