27 C
Colombo
14/05/2026

කැසිනෝ වලට බදු ගහනකොට ධම්මිකට රිදෙන්නේ ඇයි?

Share with your friends :

බදු නොගෙවන කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින්ගෙන් බදු අයකර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීමට යන විට අමාත්‍ය ධම්මික පෙරේරා මහතාට රිදී ඇත්තේ මන්දැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින් රජයේ බදු ගෙවීම පැහැර හරිමින් ගෙන ගිය ජාවාරම මැඬලීම සඳහා කැසිනෝ සහ සූදූ ආඥා පනත යාවත්කාලීන කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිවරයා වශයෙන් පසුගිය සඳුදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම නිසා සූදූ සහ කැසිනෝ ව්‍යාපාරිකයින්ට මෙලෙස රිදී තිබෙන බවද රංගේ බණ්ඩාර මහතා කීය.

ඇමති ධුරයේ දිව්රුම් දී සතියක් යන්නට මත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතාට මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස පැවසීමට ධම්මික පෙරේරා මහතාට ඇති පදනම කුමක්දැයි විමසූ රංගේ බණ්ඩාර මහතා අගමැතිවරයා රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන විට යම් යම් අයගේ යටි බලාපොරොත්තු සුන් වී කොනිත්තන්නට හදන බවද කීය.

මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් එජාප මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.

Share with your friends :