27 C
Colombo
12/03/2026

පක්ෂ නායක රැස්වීමක් හෙට නැවත කැඳවෙයි

Share with your friends :

රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(11) පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සහ නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

මේ අතර රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂද අද දිනයේ විශේෂ සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වේ.

Share with your friends :