27 C
Colombo
12/03/2026

ඇමෙරිකානු තානාපතිනිය ප්‍රචණ්ඩත්වය හෙළා දකී

Share with your friends :

සාමකාමී විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එල්ල වූ සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ විරෝධතාවලට අදාළව දේපළ හානි කිරීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කර ඒවාට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ඇමෙරිකානු තානාපතිනිය සිය නිවේදනය මඟින් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින දේශපාලන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව සඳහන් කරන ඇමෙරිකානු තානාපතිනිය වගවීම, විනිවිදභාවය සහ සියලු ශ්‍රී ලාංකිකයන්ට වඩාත් යහපත් අනාගතයක් උදෙසා සෑම තරාතිරකම ජනතාව දහස් ගණනින් වීදිවලට පැමිණ ඇතැයි ද කියයි.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ අවදානම් හා තර්ජනාත්මක මෙන්ම වැදගත් මොහොතක් බවත් සඳහන් කරන ඇය එක් දේශපාලන පක්ෂය යහපත වෙනුවෙන් සමස්ත ජාතියේම යහපත වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉඩ සලසන්නැයි ද ඒ සඳහා සියලු පාර්ශව සංයමයෙන් සහ ගෞරවයෙන් කටයුතු කරන්නැයි ද ඇය අවාධරණය කරයි.

Share with your friends :